පරිගණක දැනුම සරල සිංහලෙන් 04
මොනවද මේ VGA කාඩ්...??? 02
පසුගිය ලිපියේදී අප සාකච්ඡා කළේ VGA කාඩ් හඳුනා ගන්නා ආකාරයයි.එම ළිපිය කියවීමට නොහැකි වූ අය මෙතනින් ඒක බලල එන්න.අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙම VGA ආශ්‍රිතව හටගන්නා දෝශ කිහිපයක් පිලිබඳ අවධානය යොමු කිරීමටයි.
බොහෝවිට VGA එක ආශ්‍රිතව ගැටළු ඇතිවන්නේ පිටතින් VGA කාඩ් එකක් සවිකිරීමට යාමේදී හෝ තිබෙන VGA එක භාවිත කිරීමේදීය.එනිසා මේ පිළිබඳව දැනගැනීම ඔබට ඉතා වැදගත් වේ.
බොහෝවිට පරිගණක වලට පිටතින් VGA කාඩ් එකක් සවි කල පසු ටික දිනක් යනතුරු හොඳින් ක්‍රියාත්මක වේ.නමුත් ටික දිනකට පසු අළුත් VGA කාඩ් එක හොඳ තත්වයේ තිබියදීම එය ක්‍රියාත්මක නොවී නැවත පැරණි ඔන්බෝඩ් VGA එක වැඩ කිරීමට පටන්ගනී.මෙය ඔන්බෝඩ් VGA සහිත පරිගණක වල බහුලවම හටගන්නා දෝශයකි.මේ සඳහා හේතු විය හැකි කාරණා කිහිපයක්ම තිබේ.
- VGA කාඩ් එක නිසි පරිදි සවි නොවීම.
මෙහිදී VGA කාඩ් එක සවි වන ස්ලොට් එකෙහි පින් පරික්ෂා කොට බලා ඒවා දැඩිව සවි වී තිබේදැයි බලන්න.ඒවා බුරුල් වී ඇත්නම් හොඳින් තද වන සේ ප්‍රවේසමෙන් තද කරන්න.ස්ප්‍රීතු වර්ගයකින් තෙමූ බුරුසුවක් භාවිත කර ස්ලොට් හොඳින් පිසදමන්න.
- දූවිළි රැඳී තිබීම.
- බයෝස් (BIOS) සෙටප් වෙනස් වීම.
අත්වැරදීමකින් හෝ නොදැනුවත්ව බයෝස් සෙටප් වෙනස් වීමෙන්ද මෙම දෝශය මතුවිය හැකිය.එසේ වී යැයි සැක සහිත නම් පරිගණකයේ ආරම්භක තිරයේදී Delete key හෝ F2 key එබීම මගින් CMOS Setup වෙතට ගොස් Load Default Setting වැනි Option එකක් Enter කරන්න.ඉන් පසු එය Save කර Exit වී පරිගණකය බූට් කරන්න.
- VGA කාඩ් එක සම්බන්ධ කිරීමේදී අනුගමනය කළයුතු නිවැරදි ක්‍රියා පිලිවෙත අනුගමනය නොකිරීම.
ඔන්බෝඩ් VGA භාවිතා කරන යාළුවන්ට තිබෙන ගැටලුවක් වන්නේ තමන්ගේ ඔන්බෝඩ් VGA එක වැඩි කරගන්නෙ කොහොමද කියන එක.පරිගණකයක ඔන්බෝඩ් VGA ඇති විට එය ක්‍රියා කිරීම සඳහා RAM එකෙන් කොටසක් උපයෝගී කර ගනී.මේ නිසා මෙවැනි පරිගණක ක්‍රියාත්මක වීමේදී පෙන්වන රැම් ධාරිතාවය ස්ථාපනය කර ඇති අගයට වඩා අඩුය.
මෙසේ ඔන්බෝඩ් VGA මගින් භාවිතයට ගන්නා RAM මතක ප්‍රමාණය පරිගණකයේ CMOS වැඩසටහන මගින් වෙනස් කල හැක.පළමුව පරිගණකය ඔන් වන අවස්ථාවේදී Delete හෝ F2 යතුරු මගින් CMOS සෙටප් වෙත පිවිසෙන්න.ඉන් පසුව එය තුලින් VGA Memory යන්න සොයාගන්න(පරිගණකයෙන් පරිගණකයට CMOS වැඩසටහනට අනුව මෙය මදක් වෙනස් විය හැකිය.).දැන් එය ඉදිරියේ ඇති අගය අදාල යතුරු එබීමෙන් වෙනස් කොට එම වෙනස්කම් සේව් කොට ඉවත් වූ විට (Save and Exit) දෝෂය මඟහැරේ.
එහෙත් මෙසේ VGA සඳහා මතකය වැඩි කිරීමේදී පරිගණකයේ අනෙකුත් කාර්‍යන් සඳහා භාවිතා කළ හැකි වන RAM ධාරිතාවය අඩුවන බව මතක තබා ගත යුතුය.
<<<-.._..-{ ඔබට මෙය යම් ආකාරයකින් වැදගත් වුණි නම් LIKE එකක් දමා යන්න.යහළුවන්ගේ දැනගැනීම පිණිස මෙය SHARE කරන්න.ගැටලුවක් ඇතොත් COMMENT එකකින් අහන්න}-.._..->>>
<<<-.._..-{ ඔබට මෙය යම් ආකාරයකින් වැදගත් වුණි නම් LIKE එකක් දමා යන්න.යහළුවන්ගේ දැනගැනීම පිණිස මෙය SHARE කරන්න.ගැටලුවක් ඇතොත් COMMENT එකකින් අහන්න}-.._..->>>

No comments:
Post a Comment