මම ගැන යමක්.....
ඔයාල බලනවා ඇති කව්ද මේ බන්ටි කියන්නෙ කියල.හරිනේ...මම කව්ද කියලා මම ඔයාලට කිව්වෙ නෑනෙ...හරි හරි,මම කව්ද කියල මමම කියන්නම්කෝ....අනේ මම වගේ මෝඩයෙක්,මම නැතුව වෙන කව්‍රු කියන්නද නේද? :D
මගෙ නම තමයි හර්ශණ ප්‍රනීත් .එතකොට "බන්ටි" ?!?!?!ඒ තමයි මගෙ යාලුවො මට scl එකෙ යාලුවො මට දාපු card එක.මගෙ scl එකෙ හැමෝම මාව දන්නෙ ඒ නමින් තමයි.ඒක නිසා තමයි මම මගෙ බ්ලොග් එකටත් ඒ නම දැම්මෙ.කමක් නෑනේ.....
මම වැඩ කරන්නෙ CECB එකේ JCB එකක.දැනට නම් ඉන්නෙ රුහුණු සරසවියෙ.බය වෙන්න එපා.මම එකෙ වැඩ කරන කෙනෙක් කියලයි කිඋවෙ.දැනට නම් මට වයස 19ක් විතර වෙනවා.අනාගතේ ගැන මහා ලොකු බලාපොරොත්තු නම් නෑ...තමන්ගෙ පාඩුවෙ අනුන්ට කරදරයක් නොවී ඉන්න තමයි බලාපොරොත්තුව.
මට මේ Blog එක පටන් ගන්න ගොඩක්ම උදව් කලෙ Madusanka Gunawardana අය්යා සහ Rksk Ekanayaka කියන අය්යලා දෙන්නයි.ඒකට මම ඒ අය්යලා දෙන්නට ගොඩක් ස්තූතිවන්ත වෙනවා....
දැනට ඔය අතිනේ...එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි...!!!
No comments:
Post a Comment